Thursday, March 13, 2008

සංචාරක කටයුතු

මීගමුව ප‍්‍රදේශය ගුවන් තොටුපලට හා අගනුවරට ආසන්නයෙන් පිහිටා ඇති නිසා සංචාරක කටයුතු සඳහා හොඳ මධ්‍යස්ථානයක් වී ඇත. මීගමුව වෙරළ තීරය හා කළපුව සංචාරකයින්ගේ සිත් ඇද ගන්නා ස්ථානයන්ය. මෙම කොට්ඨාශය තුළ සංචාරක හෝටල්, අවන්හල් හා නිවාඩු නිකේතන රාශියක් දක්නට ඇත. තවද සංචාරකයින් විසින් මිළදී ගනු ලබන බතික්, මැණික්, විසිතුරු ආභරණ, පළඳනා, හම් බෑග්, තොප්පි, පසුම්බි ආදි ද්‍රව්‍ය අලෙවි කරන කඩ සාප්පු රාශියක්ද දක්නට ලැබේ. සංචාරක කර්මාණ්තය නිසා ස්වයං රැුකියා රාශියක් බිහිවී ඇති අතර එමගින් එම ප‍්‍රදේශයේ ජනතාවගේ ආදායම් මට්ටම වැඩි වී ඇත.

මෙරටට සංචාරකයින් පැමිණෙන ප‍්‍රධාන රටවල්
එංගලන්තය, ජර්මනිය, ඉතාලිය, ජපානය, ඉංදියාව, පකිස්ථානය, ප‍්‍රංශය, නෙදර්ලන්තය, ස්විස්ටර්ලන්තය, බෙල්ජියම, ඕස්ටේ‍්‍රලියාව, තායිලන්තය, මාලදිවයින ආදි රටවල්.

සංචාරක ක්ෂේත‍්‍රයේ දියුණුව සඳහා ගතයුතු ක‍්‍රියා මාර්ගයන්.
1. නගරය පිරිසිඳුව හා ක‍්‍රමාණුකූලව තබා ගැනීම.

2. වෙරළ තීරය පවිත‍්‍රව තබා ගැනීම - විවේක සුවය ලබාගැනීම සඳහා පැමිණෙන පුද්ගලයින් විසින් පොලිතින් උර, සිසිල් බීම බෝතල්, කඩදාසි කැබලි ආදිය වැල්ලෙ දැමීම නිසා වෙරළ තීරය අපවිත‍්‍ර වී ඇත. එමෙන්ම ධීවරයින් විසින් මාලූ ඔ`ඵ කොරපොතු ආදී අපවිත‍්‍ර ද්‍රව්‍ය වැල්ලේ දැමීම නිසාද වෙරළ තීරය අපවිත‍්‍ර වී ඇත. එම නිසා වෙරළ තීරය පිරිසිඳුව තබාගත යුතුය.

3. මහ මාර්ගයේ ගොඩගසා ඇති කුණු හා අපවිත‍්‍ර ද්‍රව්‍ය ඉවත්කර මාර්ගය පිරිසිඳුව තබා ගැනීම.

4. සංචාරකයින් වැඩිපුර ගැවසෙන වැල්ලවීදියේ සිට පළඟතුරය දක්වා ප‍්‍රදේශයේ අබලන් තත්වයේ ඇති මහා මාර්ග ප‍්‍රතිසංස්කරණය කිරීම.

5. වෙරළ ආශිතව හා මහා මාර්ගයේ අවශ්‍ය ස්ථාන වල විදුලි පහන් සවි කිරීම හා ක‍්‍රමවත්ව නඩත්තු කිරීම.
6. අපරාධ වැළැක්වීම සඳහා සංචාරක පොලිසියක් පවත්වාගෙන යෑම.

7. සංචාරකයින් නිතර ගැවසෙන ප‍්‍රදේශයන් හරහා වැටී ඇති හැමිල්ටන් ඇළ ශුද්ධ පවිත‍්‍ර කර ප‍්‍රවාහන මාධ්‍යයක් ලෙස පවත්වාගෙන යෑම පිළිබඳව අවධානය යොමු කිරීම.

8. කලපුවේ සහ මුහුදේ සංචාරක බෝට්ටු දැමීම මඟින් සංචාරකයින්ට ප‍්‍රදේශය නැරඹීම සඳහා පහසුකම් සැළසීම.

මීගමුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඇති හෝටල්

නම ලිපිනය දු. අ. කාමර සංඛයාව
1. සී ෂෙල්ස් හෝටලය 195, පළඟතුරය, කොච්චිකඬේ. 031- 227906 72
2. බ්ලූ ඕෂනික් බීච් හෝටලය එ්ත්තුකාලය, මීගමුව 031- 2279377 108
3. බ්රවුන්ස් බීච් හෝටලය 175, ලූවිස් පෙදෙස, මීගමුව 031- 2222031-2 140
4. කැම්ලට් බීච් හෝටලය 345, ලූවිස් පෙදෙස, මීගමුව 031- 2222318 86
5. ගෝල්ඩන් ස්ටාර් බීච් 163, ලූවිස් පෙදෙස, මීගමුව 031- 5310818-23 62
6. ගෝල්ඩි සෑන්ඞ් හොටෙල් එ්ත්තුකාල, මීගමුව 031- 2279021 70
7. ඉන්ටර්ලයින් බීච් හොටෙල් 5, කැරන් පෙදෙස, මීගමුව 031- 2222350 40
8. ජෙට්වින් ආයුර්වේද එ්ත්තුකාල, මීගමුව 031- 2276719 12 පැවීලියන්
9. ඕසියස් බීච් රිසෝට් 31, පෝරුතොට පාර, එ්ත්තුකාල 031- 2279526 19
10. සී ගාර්ඞ්න් හොටෙල් එ්ත්තුකාල, මීගුමව 031- 2279000 27
11. සන් ෆලවර් බීච් හොටෙල් 289, ලූවිස් පෙදෙස, මීගමුව 031- 2224308 66
12. සිල්වාස් බීච් හොටෙල් 16, පොරුතොට පාර, එ්ත්තුකාල 031- 2279408
13. ද බීච් එ්ත්තුකාල, මීගමුව 031- 2273500- 7 78
14. ද පැල්ස් හොටෙල් 140, ලූවිස් පෙදෙස, මීගමුව 031- 4873301 20
15. ටොපෑෂ් බීච් හොටෙල් පෝරුතොට පාර, එ්ත්තුකාල 031- 2279265
16. වින්ඞ්මිල් හොටෙල් එ්ත්තුකාල, මීගමුව 031- 2279323
17. හොටෙල් සිල්වර් සෑන්ඞ්ස් 229, ලූවිස් පෙදෙස, මීගමුව 031- 2222880
18. හොටෙල් ඕෂන් වීව් 200, පළඟතුරය, කොච්චිකඬේ 031-2277535 12
19. ඕසියස් බීච් හොටෙල් 10/26, පෝරුතොට පාර, මීගමුව 031-2277494
20. ස්ටාර් බීච් හොටෙල් 83/3, ලූවිස් පෙදෙස, මීගමුව
21. රෝයල් ඕෂනික් හොටෙල් එ්ත්තුකාල, මීගමුව -
22. කැටමරන් හෝටලය එ්ත්තුකාල, මීගමුව -

මූලාශ‍්‍රය- ශ‍්‍රී ලංකා සංචාරක මණ්ඩලය මීගමුව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ව්‍යාපාර ලියාපදිංචියෙන්

Friday, February 22, 2008

හැඳින්වීම